ලොව පුරා එළඹී තිබෙන ශීත ඍතුව වෙනුවෙන් , රුසියාවේ සිට අසූර් ගුවන් සේවයේ ( Azur Air ) පළමු මංගල ගුවන් යානය (Inogaral Flight ) එරට සංචාරකයන් පිරිසක් රැගෙන 11/06 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
අසූර් එයාර් ගුවන් සේවයේ ඉසෙඩ්.එෆ්.- 1611 දරන මෙම ගුවන් යානය 11/06 දින උදෑසන 10.05 ට රුසියාවේ වෙනිකොව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය පිළිගැනීම සදහා ජල ආචාර ( Water Salute ) පැවැත්වීමට කටුනායක ගුවන් බලධාරීන් පියවර ගෙන තිබුණි .
මෙම පළමු මංගල ගුවන් ගමන සදහා අසූර් එයාර් ගුවන් සේවය විසින් බෝයිං – 767 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එහි ගුවන් මගීන් 332 ක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් 10 දෙනෙකු ද පැමිණ සිටියහ .