රුසියානු හිටපු ප්‍රවාහන අමාත්‍ය රෝමන් ස්ටාරොවොයිට් සිය දිවි නසාගෙන ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ඊයේ දිනයේදී රෝමන් ස්ටාරොවොයිට් ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් නෙරපා හරිනු ලැබුවා. ඔහු මොස්කව් නගරයෙන් පිටත ඔහුගේ මෝටර් රථය තුළ වෙඩි වැදී මිය ගොස් සිටියදී සොයා ගෙන ඇති අතර ඔහු සිය දිවි නසාගෙන ඇති බවටයි සැක පල කෙරෙන්නේ. 2023 වසරේදී අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයෙන් ලැබුණු ගිනි අවියක් භාවිත කර හිටපු අමාත්‍යවරයා සිය දිවි නසාගෙන ඇති බවද මේ වන විට තහවුරු වී ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා. කෙසේ වෙතත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඔහු ප්‍රවාහන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර ඇත්තේ කුමන හේතුවක් නිසාවෙන්ද ? යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැහැ. මේ අතර යුක්‍රේනයේ ඩ්‍රෝන ප්‍රහාරවල ආරක්ෂක තර්ජනය හේතුවෙන් සහ පසුගිය ජූලි මස පහ සහ හය යන දෙදින තුළ රුසියාවේ ප්‍රධාන ගුවන් තොටුපොළවල ගුවන් ගමන් 500 කට ආසන්න ප්‍රමාණයක් නතර කිරීමට සිදුවීමෙන් පසුව ඔහුව රුසියානු ජනාධිපතිවරයා මෙලෙස නෙරපා හැර ඇති බවයි රුසියානු මාධ්‍ය වාර්තා කරන්නේ.
උණුසුම් පුවත්
- දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
- විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
- වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
- හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
- උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
- T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
- දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි














