
රුපියල් කෝටි 3.5ක මුදලක් හොරණ රාජ්‍ය බැංකුවකින් අතුරුදන්වීමේ සිද්ධියට එම බැංකුවේ සහකාර කළමනාකරු ලබන 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
අදාල සහකාර කළමනාකාරවරයා සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලැබුවා.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී විමර්ශන නිලධාරීන් දැනුම්දී ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බවයි.
විමර්ශනවලින් පසුව පොදු දේපළ පනත යටතේ ඉදිරි නීතිමය කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පවසා තිබෙනවා.
මේ අතර අධිකරණය නියෝග කර ඇත්තේ සිද්ධියට අදාළව බැංකුවේ කාර්ය පටිපාටිය පිළිබඳ වාර්තාවක් කැඳවා ඇති අතර ඒ.ටී.එම්. යන්ත්‍ර සඳහා රැගෙන ගිය බව කියන මුදල් හා බැංකුවේ ගබඩා කාමරයේ තිබී සොයාගත් මුදල් අතර සම්බන්ධතාවයද සොයා බැලීමටයි.
සිද්ධියේ දෙවන සැකකරු වන ආරක්ෂක නිලධාරියද ලබන 11 වනදා අධිකරණය ඉදිරිපත් කිරීමට නියමතිය.
වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුරු අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදු කරනු ලබනවා.














