පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සම්බන්ධවයි.
අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මොහාන් ලාල් සිරිවර්ධන මහතා පත්කර තිබෙන අතර ඔහු කලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලෙස ද කටයුතු කර තිබෙනවා.
මේ අතර, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පහත සඳහන් පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර තිබෙනවා.
ඒ අනුව,
1) ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.ඩී.ඩී.සී ජයකොඩි – බලංගොඩ පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා බදුල්ල කොට්ඨාසය වෙත.
2) ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.ඩී.කේ.සී නවරත්න – කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සිට බලංගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස රාජකාරි ඉටුකිරීම සඳහා
3) ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.පී.සී.යූ.රාජපක්ෂ – මානව සම්පත් කළමණාකරන කොට්ඨාසයේ සිට උඩවලව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා.
4) ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.පී.එල් ප්‍රනාන්දු – ගම්පොල මූලස්ථාන පොලිස් පරික්ෂක තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා මඩකලපුව කොට්ඨාසය වෙත
5) ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.ඩී.එන්.ඩී කාන්ගර – ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ගම්පොල මූලස්ථාන පොලිස් පරික්ෂක ලෙස
6) ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.සී.එන් අබේනාරායන – අංකුඹුර පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට ඩෙල්ෆ් පොලිස් ස්ථානාධිපති ලෙස
7) ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්.කේ.රත්නායක – මාතලේ කොට්ඨාසයේ සිට අංකුඹුර පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා
8) ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.ජී.එස් විජේසිංහ – නවකුරුදුවත්ත පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සඳහා ගම්පහ කොට්ඨාසය වෙත
09 පොලිස් පරීක්ෂක එම්.එච්.එන් තාරක – බෙම්මුල්ල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට පූවරසන්කුලම් පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි ඉටු කිරීම සඳහා
10 | පොලිස් පරීක්ෂක එස්.එම්.එන්.එන් සිරිපති – මීගමුව කොට්ඨාසයේ සිට බෙම්මුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරි ඉටු කිරීම සඳහා
ලෙස එම ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදු කර තිබෙනවා.