හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කල බව කියන තරුණයින් පස් දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකු නීතිඥවරයකු මාර්ගයෙන් අද උදැසන හංවැල්ල පොලිසියට භාර වී ඇති බව සඳහන්.
එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු මත අනෙක් සැකකරුවන් සිව් දෙනා ද අත් අඩංගුවට ගත් බවයි නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කලේ.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 ත් 24 ත් යන වයස්වල පසුවන කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙක්.
තමන් සිය නිවස බලා යමින් සිටියදී යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු බලහත්කාරයෙන් තමන්ව යතුරු පැදියක නංවාගෙන ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයක් තුලට ගෙන ගොස් සමූහ වශයෙන් දූෂණයට ලක් කල බව එම දැරිය විසින් සිදුකල පැමිණිල්ලෙහි සදහන්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.