ලොව පැරැණිතම පාපැදි සවාරිය ලෙසින් සැළකෙන 112 වැනි ප්‍රංශ පාපැදි සවාරිය මෙම දිනවලදී පැවැත්වෙනවා. අදියර 21 කින් සමන්විත මෙවර ප්‍රංශ පාපැදි සවාරයේ දස වැනි අදියර කිලෝ මීටර එකසිය හැට පහයි මීටර තුනකින් සමන්විත වූ අතර මෙම අදියර ජය ගැනීමට බ්‍රිතාන්‍යයේ සයිමන් යේට්ස් සමත් වුණා. ඒ, පැය හතරයි මිනිත්තු විස්සයි තත්පර පහකින් තරගය අවසන් කරමින්. කෙසේ වෙතත් අදියර දහයක් අවසන් වන විට ප්‍රංශ පාපැදි සවාරියේ ශූරතා ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට අයර්ලන්තයේ බෙන් හීලි සමත් වී තිබෙනවා. ඔහුට මෙම අදියර දහය අවසන් කිරීමට ගත වී ඇති කාලය පැය තිස් හතයි මිනිත්තු හතළිස් එකයි තත්පර හතළිස් නවයක් බවයි සඳහන් වන්නේ.
උණුසුම් පුවත්
- පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
- ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි
- වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
- ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
- VIDEO: කාසියේ වාසිය කැනඩාවට
- 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි
- වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
- මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි














