ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය තුළ ස්ථාපිත කළ 109 ක්ෂණික දුරකථන අංකයට ලැබුණු පැමිණිලි 477ක විමර්ශන අවසන් කර ඇති බව පොලිසිය පවසනවා.
පසුගිය ජනවාරි 4 වනදා සිට මාර්තු 10 වනදා දක්වා කාලය තුළ එම දුරකථන අංකයට පැමිණිලි 1077ක් වාර්තා වී ඇති අතර, ඉන් පැමිණිලි 42ක් සඳහා නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ.