පාරිභෝගික සේවා ආඥාපනත උල්ලංඝනය කරමින් වැඩි මිලට භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම යන චෝදනා යටතේ ව්‍යාපාරිකයන් අට දෙනෙකුට රුපියල් 734000ක දඩ මුදලක් අධිකරණය විසින් නියම කර තිබෙනවා.
නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරීන් අමිල රත්නායක මහතා කියා සිටියේ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් නුවරඑළිය මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම දඩ මුදල් පැනවූ බවයි.
දඩ මුදල් ගෙවූ චූදිතයන් අතර රුපියල් 100ක් වටිනා ලීටරයක වතුර බෝතලයක් රුපියල් 140ට අලෙවි කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක දඩයක්ද රජයේ අනුමත පාලන මිලට වඩා සහල් අලෙවි කළ වෙළෙඳුන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින්ද නියම වී තිබෙනවා.
එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේ එම චූදිතයන් කඳපොළ, නුවරඑළිය සහ නානුඔය යන නගරවල පදිංචිකරුවන් බවයි.













