ආනයනය කිරීමට නියමිත බිත්තර තොගය සම්බන්ධයෙන් වන ප්‍රමිති වාර්තාව අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය පවසනවා.
එම අමාත්‍යාංශය පැවසුවේ, නවදිල්ලිහි පිහිටි පශු සම්පත් අමාත්‍යාංශය මගින් එම වාර්තාව ලබාදීමට නියමිත බවයි.
එමෙන්ම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට බිත්තර ලක්ෂ 20 ක් ආනයනය කිරීමට නියමිතයි.
සිය ගොවිපොළ ආශ්‍රිතව කුරුළු උණ අවදානමක් නොමැති බවට අදාල බිත්තර නිෂ්පාදන සමාගම රසායනාගාර පරීක්ෂණ වාර්තා මගින් තහවුරු කර ඇතැයිද වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය සඳහන් කලා.