ශ්‍රී ලංකාවට පත්ව සිටින නව විදේශ තානාපතිවරු පස් දෙනෙකු සහ මහ කොමසාරිස්වරයෙකු අද පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පළමු වරට කසකස්ථානයේ තානාපතිවරයෙකුද අක්තපත්‍ර භාර දීම විශේෂත්වයක් වනවා.
ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරෙන කසකස්තාන ජනරජයේ තානාපති කාර්යාලයට අදාළ තානාපතිවරයා ලෙස පත්ව ඇත්තේ සර්ගෙයි වික්ටරොව් මහතායි.
ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයක් විවෘත කළ පළමු මධ්‍යම ආසියානු රට වන්නේද කසකස්තානයයි.
අලෙම් වෝල්ඩෙමරියම් මහතා නවදිල්ලියේ නේවාසික එරිත්‍රියා රාජ්‍යයේ තානාපති ලෙසත් ජග්න්නාත් සාමි මහතා නවදිල්ලියේ නේවාසික ෆිජි ජනරජයේ මහ කොමසාරිස් අක්තපත්‍ර භාර දී තිබෙනවා.
උස්බෙකිස්තාන ජනරජයේ තානාපති ලෙස අක්තපත්‍ර භාර දී ඇත්තේ ඉස්ලාමාබාද්හි නේවාසික අලිෂෙර් ටුක්ටායෙව් මහතායි.
ඩාෂෝ කර්මා හාමු ඩෝර්ජී මහත්මිය ඩකා නගරයේ නේවාසික භූතාන රාජධානියේ තානාපති ලෙස අක්ත පත්‍ර භාර දී තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියා.
උණුසුම් පුවත්
- පේරාදෙණිය සරසවියේ පීඨ දෙකක් 29 විවෘත කිරීමට පියවර
- බඹර ප්‍රහාරයකින් අයෙක් මරුට… හතක් රෝහලේ
- කල්පිටියේ ග්‍රාම නිලධාරීන් දැඩි තීරණය්ක ගනියි
- රට ගොඩනගන්න ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙන් මිලියන 25ක්
- රදැල්ල කෙටි මාර්ගයේ අනතුරකින් අයෙක් රෝහලට
- නවතා තිබූ බසයෙන් බැස්ස මගීන් දෙදෙනෙකුට අත්වූ ඉරණම
- වන අලි පහරින් අයෙක් මරුට
- තායිලන්තයෙන් ඇවිත් නෝටි වැඩ කළ කතුන් 9ක් අල්ලයි













