2025 ෆෝමියුලා වන් ලෝක ශූරතාවලියේ 14 වැනි අදියර වන හංගේරියානු ගෝන් ප්‍රී තරගය අද පැවැත්වෙනවා.
ඒ හංගරෝරිං ධාවන පථයේදීයි.
එම ධාවන පථය කිලෝ මීටර් 04 යි මීටර 381 ක දුරකින් යුතු වනවා.
මෙම වසර සදහා වන ලෝක ශුරතා තරගාවලිය අදියර 24 කින් සමන්විතව පැවැත්වෙනවා.
එහි 14 වන අදියරයි මෙලෙස අද පැවැත්වෙන්නේ.
මෙම තරගය වට 70 කින් සමන්විත වනවා.
තරගයට පෙර පුහුණු සැසි 03 ක් සහ ආරම්භක ස්ථාන තීරණය කෙරෙන කාල ගණනය කිරීමේ සැසියක්ද පසුගිය 01 වනදා සහ 02 දා පැවැත්වුනා .
මෙතෙක් පැවැති අදියර 13 අවසානයේ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට මැක්ලරන් කණ්ඩායමේ ඔස්කාර් පියස්ටි්‍ර සමත්ව සිටින අතර පළමු ස්ථාන 6 ක්, දෙවැනි ස්ථාන 2 ක් සහ තෙවැනි ස්ථාන 3 ක්ද සමග මේ වන විට ඔහු ලබා සිටින ලකුණු සංඛ්‍යාව 266 ක්.
ඔහුට වඩා ලකුණු 16 ක් පසුපසින් සිටින ඔහුගේ කණ්ඩායම් සගයා වන ලැන්ඩෝ නොරිස් ලකුණු 250 කට හිමිකම් කියමින් ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.
රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වරස්ටපන් ලකුණු 185 ක් ලබා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.
කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව මැක්ලරන් කණ්ඩායම ලකුණු 516 ක් ලබා පෙරමුණ ගෙන සිටින අතර ෆෙරාරි කණ්ඩායම ලකුණු 248 ක් ලබා එහි දෙවැනි ස්ථානයේද, මර්සිඩීස් කණ්ඩායම ලකුණු 220 ක් ලබා තෙවැනි ස්ථානයේද පසුවනවා.
මෙවර හංගේරියානු ගෝන් ප්‍රී තරගයෙන් අනතුරුව තවත් තරග 10 ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම මාසයේදී නෙදර්ලන්ත ගෝන් ප්‍රී තරගයත්, සැප්තැම්බර් මාසයේදී ඉතාලි සහ අසර්බයිජාන් ගෝන් ප්‍රී තරගත්, ඔක්තෝබර් මාසයේදී සිංගප්පූරු, ඇමරිකානු සහ මෙක්සිකානු ගෝන් ප්‍රී තරගත්, නොවැම්බර් මාසයේදී බ්‍රසීල්, ලාස් වේගාස් සහ කටාර් ගෝන් ප්‍රී තරගත්, දෙසැම්බර් මාසයේදී අබුඩාබි ගෝන් ප්‍රී තරගයත් පැවැත්වෙනු ඇති.