අළුබෝමුල්ල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පවත්වන ලද ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අළුබෝමුල්ල, මහාබෙල්ලන ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් තුළ මත්ද්‍රව්‍ය භාවිත කරමින් ෆේස්බුක් සාදයක් පවත්වන බවට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කළ බවයි.
අළුබෝමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරන ලද මෙම වැටලීමේදී ගංජා හා හෑෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් සැකකරුවන් 26 දෙනෙක් අත්අඩංගුවට ගැනුණු බවද පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ත් 28ත් අතර වයස්වල පසුවන බණ්ඩාරගම, පොකුණුවිට, මිල්ලනිය, හල්තොට, ඉංගිරිය හා පරගස්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු අළුබෝමුල්ල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.