බලංගොඩ මාරතැන්න ප්‍රදේශයෙන් බගවන්තලාව හරහා මහනුවර දක්වා ෆයිනස් ගස් ප්‍රවාහනය කරමින් පැමිණි ලොරි රථයක් අද (11) පෙරවරු 11.30ට පමණ අනතුරට ලක් වුණා.
බගවන්තලාව–බලංගොඩ ප්‍රධාන මාර්ගයේ කැම්පියන් වත්ත ප්‍රදේශයේ පටු මාර්ග ස්ථානයකදී රථය මාර්ගයෙන් ඉවතට පනිමින් අඩි 15ක් පමණ ප්‍රපාතයක තිබූ තේ වත්තකට පෙරළී ගොස් තිබුණා.
අනතුර සිදුවූ අවස්ථාවේ රථයේ රියදුරා සහ රිය සහයකයා ලොරි රථයෙන් පැන දිවි ගලවා ගැනීමට සමත් වී ඇති බව බගවන්තලාව පොලිසිය විසින් සදහන් කළා .
මෙම අනතුරෙන් ලොරි රථයට දැඩි හානි සිදු වී ඇති අතර, පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.













