ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා ස්ථාපිත කළ ඒකාබද්ධ ප්‍රවේශයකින් යුත් බහු ආංශික ස්ථාවර ජාතික කමිටුව රැස්ව තිබෙනවා.
“දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එක්ව කටයුතු කරමු” යන තේමාව යටතේ ළමා අපයෝජන සිද්ධීන් අවම කිරීම සඳහා මෙම කමිටුව පත් කර තිබෙනවා.
ඒකාබද්ධ ප්‍රවේශයකින් යුත් බහු ආංශික යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා මැයි මස 26 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබුණා.
ඒ අනුව, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් ගේ සභාපතීත්වයෙන් මෙම කමිටුව පත් කෙරුණා.
ඒ සදහා ශ්‍රී ලංකා පොලිසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය , අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙම කමිටුවේ සාමාජිකත්වය දරනු ලබනවා.
ඊට අමතරව අධිකරණ අමාත්‍යාංශය ,ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ,පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියද මෙම කමිටුව නියෝජනය කරනු ලබනවා.
උණුසුම් පුවත්
- පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
- මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
- දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට














