දකුණු කැලිෆෝනියාවේ ජනප්‍රිය වෙරළක් ආශ්‍රිතව පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් අසල තිබූ ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඉන් තිදෙනෙකුම අනතුර සිදුවන අවස්ථාව වන විට මාර්ගයේ රැඳි සිටි අය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එම වෙරළ ආශ්‍රිතව අද උත්සවයක් පවත්වා ඇති අතර ඒ හේතුවෙන් වෙරළ තීරය නගරයේ ජනතාවගෙන් පිරී තිබුණ බව සඳහන්.
කෙසේවෙතත් අනතුර සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.