වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කළ ජාවාරමක් වටලා පුද්ගලයන් දෙදෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් බවයි සදහන් වන්නේ.
ඔවුන් සන්තකයේ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය 06g ක් සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකරුවන් කොළඹ ප්‍රදේශයේ සිට වැල්ලවාය දක්වා හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහන කර පසුව ඒවා සූක්ෂම ලෙස වැල්ලවාය ප්‍රදේශයේ දී අලෙවි කර ඇති බවයි මූලික විමර්ශන වලින් අනාවරණය වන්නේ.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.