හුංගම පිංගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කුඹුරක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම අද(02) පස්වරුවේ සිදුව ඇති බවයි.
වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි අනාවරණ වන්නේ.
වෙඩි තැබීමෙන් අනතුරුව ගිනි අවියේ හිමිකරු ගිනි අවියද සමගින් හුංගම පොලිසිය වෙත පැමිණ භාරවී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.