ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමන්ත විජේරත්න නමැති හිටපු සභාපතිවරයෙකි.
ඒ වත්වකම් බැරකම් සම්බන්ධ චෝදනාවකට අදාළවයි.
හිටපු සභාපතිවරයා පසුගිය 2011-2016 දක්වා කාලයේදී ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කර ඇති අතර එම ක ාලයට අදාළව සිදුකරන වත්කම් බැරකම් සම්බන්ධ විමර්ශනයකට අනුව අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට එම කොමිසමේ නිලධාරින් විසින් හිටපු සභාපතිවරයා වෙත දන්වා තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ කැඳවීමේ ලිපි මත හිටපු සභාපති අල්ලස් කොමිසම හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් විමර්ශනයකට සහය නොදැක්වීම මත ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, 2023 අංක 09 දරණ දූෂණ විරෝධී පනතේ 126 හා 127(1)(උ) වගන්තිය යටතේයි.
අත්අඩංගුවට ගැනුණු හිටපු සභාපතිවරයා කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට අද(24) ඉිදරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 31 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.













