හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට වත්මන් රජය පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසනවා.
කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මනෝජ් ගමගේ මහතා පැවසුවේ පොලිස් මුලස්ථානයෙන් ලිපියක් මගින් මේ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කොට්ඨාසය වෙත දැනුම් දී ඇති බවයි.
ඒ අනුව ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි නීතිඥ මනෝජ් ගමගේ මහතා සදහන් කළේ.