බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජේර් බොල්සොනාරෝ නිවාස අඩස්සියට පත්කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා රජයට එරෙහි කුමන්ත්‍රණයක් දියත් කළ බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙනු ඔහුව නිවාස අඩස්සියට පත්කර ඇත්තේ.
ඊට අදාළ නඩු විභාගය මේ වන විට සිදු වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
නඩු විභාගය සිදුකෙරෙන අතරතුරදී පසුගිය මාසයේ දී ද ඔහුට එරෙහිව තහනම් නියෝග කිහිපයක් ලබාදුන් අතර ඒවාට අනුකුල නොවීම හේතුවෙන් මෙම නියෝගය ලබාදුන් බවයි විනිසුරු ඇලේක්සැන්ඩ්‍රේ ද මොරායස් සදහන් කළේ.
කෙසේ වුවද හිටපු ජනාධිපතිවරයාගේ නීතිඥයින් පවසන්නේ ඔහු කිසිදු අධිකරණ නියෝගයක් කඩකර නොමැති බවයි.
මේ අතර බ්‍රසිල අධිකරණ නියෝගය හෙළා දකින බව ඇමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා