ශ්‍රී ලංකා වරාය අධිකාරියේ රැකියාවක් ලබාදෙන පවසා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් දෙලක්ෂ හතළිස් පන් දහසක මුදලක් අත්තිකාරම් ලෙස ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු නිවාස සහ ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයෙකු සහ ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීමට කැඳවා තිබූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයා සහ ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියාගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික සේවකයෙකු වූ ඉන්දික බණ්ඩාර විජේසුන්දර සහ ධීවර දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් වන මදුෂ දිලිපන ජයසූරිය නමැත්තෙකි.













