පසුගිය දිනවල පැවැති අධික වර්ෂාවත් සමග ශ්‍රීපාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ඇහැළ කණුව ප්‍රදේශයේ කඩා වැටුණු පස් කන්දක් කපා ඉවත් කිරීමට හැටන් පොලිසියේ නිලධාරීන් පිරිසක් අද(01) පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති සබරගමුව, රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය ශ්‍රී සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ උපදෙස් පරිදි හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතාගේ උපදෙස් පරිදි හැටන් සහකාර පොලිස් අධිකාරි 01 නිශ්ශංක ගොඩමුන්න මහතාගේ අධීක්‍ෂණය යටතේ හැටන් පොලිසියේ නිලධාරීන් 30 දෙනෙකු යුද හමුදා බට පිරිස්, සිවිල් වැසියන් කිහිප දෙනෙකු එක්ව පස් කන්ද කඩා වැටීමෙන් අවහිර වී තිබූ ශ්‍රී පාද පඩිපෙල් මාර්ගය සුද්ධ පවිත්‍ර කර තිබෙනවා.
පැවැති අයහපත් කාලගුණයත් සමග නල්ලතන්නියේ සිට ශ්‍රීපාද උඩමළුව දක්වාම කඩා වැටී තිබූ ගස් සහ අතු කපා ඉවත් කිරීමටද එම පිරිස කටයුතු කර තිබෙනවා.
පස් කන්ද කඩා වැටීමෙන් විදුලි රැහැන් පද්ධතියටද අලාභ හානි සිදුව තිබූ අතර එය පිළිසකර කිරීමටද විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ශ්‍රීපාද මාර්ගයේ ගමන් ගත් වන්දනාකාරුවන් විසින් මහගිරිදඹ ප්‍රදේශයේ පරිසරයට මුදාහැර තිබූ අපද්‍රව්‍ය සමග ශ්‍රී පාද පද්මයට පහළි වූ පර්වතයේ වැවී තිබූ ශාක කොටස් පහළට කඩා වැටී ඇති බවත් මෙය නායයාමක් නොව සෑම වර්ෂා කාලයකදීම ස්වභාවිකවම සිදුවන දෙයක් බවත් ශ්‍රී පාදස්ථානාධිපති නාක හිමියන් පවසනවා.
එසේම එම පස් කන්ද කඩා වැටීමෙන් ශ්‍රීපාද මළුවට හෝ ශ්‍රී පාද මාර්ගයට කිසිදු හානියක් සිදුව නොමැති බවද ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියන් වැඩිදුරටත් පවසනවා.













