ගිනිගත්හේන ප්‍රදේශයට ඇදහැලෙන අධික වැසි සහ තද සුළං තත්ත්වය හේතුවෙන් වොට් 33,000 අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටීමෙන් හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන ගමන කටයුතු විනාඩි කිහිපයකට ඇනහිට තිබෙනවා.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ පොල්පිටිය යටිබේලිය ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයට අධිබලැති විදුලි රැහන් පද්ධතිය කඩා වැටී තිබෙනවා.
ගිනිගත්හේන සිට කරවනැල්ල දක්වා ඇද ඇති එම අධිබලැති විදුලි රැහැන් පද්ධතියේ විදුලිය විසන්ධ කිරීමෙන් පසු පොල්පිටිය පොලිසියේ නිලධාරීන්, විදුලි බලමණ්ඩලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කඩා වැටුණු කම්බි කපා ඉවත් කිරීමෙන් පසු එම මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත්ව තිබෙනවා.












