ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව ගමන් ගත් මෝටර් රථයට නාරාහේන්පිට ප්‍රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පැය 48ක කාලයක් කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දී තිබෙනවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් හය දෙනා ලබන 19වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියෝග කළා.
තවත් සැකකරුවකු පැය 48ක කාලයක් කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ රඳවාගෙන ප්‍රශ්නයක් කිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් පොලිසියට අවසර ලබා දී තිබෙනවා.