හල්දුම්මුල්ල අක්කරසීය රක්ෂිතයේ කැලෑව තුළ වගාකර තිබු කංසා හේන් 6ක් පොලිසිය විසින් වටලා තිබෙනවා.
හල්දුම්මුල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.
එහි මුරට සිටි පුද්ගලයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සදහන් කලේ
මෙම කංසා හේන් 6හි විශාල ගස් 85,000කට වැඩි ප්‍රමාණයක්ද, කුඩා පැළ තවාන් 4ක්ද තිබී ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් ඒ සියල්ල පුලුස්සා දමා විනාශ කළ බවද පොලීසිය සදහන් කලා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හම්බේගමුව හා කල්තොට ප්‍රදේශවල පදිංචිකරුවන්
සැකකරුවන් අද බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.













