උතුර නැගෙනහිර පළාත්වල අද පැවැත්වූ හර්තාල් ව්‍යාපාරය අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසනවා.
සිංහල සහ දෙමළ ජනතාව අතර නැවත ගැටුම් ඇතිකර බලය ලබා ගැනීමේ අරමුණින් ඇතැම් දේශපාලන නියෝජිතයින් විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කල බවයි කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කලේ .
උතුරු – නැගෙනහිර ප්‍රදේශවල අද පෙරවරුවේ සිට ආරම්භ වූ හර්තාල් ව්‍යාපාරය අසාර්ථක වී තිබෙනවා .
අප වාර්තාකරු සදහන් කලේ යාපනය, වව්නියාව ,මුලතිව් ඇතුළු උතුරු පළාතේ පාසල්, රාජ්‍ය ආයතන , ව්‍යාපාරික සහ අනෙකුත් කටයුතුද සාමාන්‍ය පරිදි සිදුවන බවයි.
මේ අතර නැගෙනහිරි පළාතේ අම්පාර ,මඩකලපුවබ සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වලද සාමාන්‍ය පරිදි වෙළෙඳසැල් සහ අනෙකුත් ආයතන විවෘත කර ඇති බවද වාර්තා වනවා.
මුලතිව් ඔඩ්ඩුසුඩාන් හමුදා කඳවුරට ඇතුළු වූ පුද්ගලයින් පිරිසකට හමුදා නිළධාරීන් විසින් පහරදීම සහ එම කඳවුරට ඇතුළු වූ තරුණයෙකු ප්‍රදේශයේ වැවක මියගොස් සිටියදී සොයා ගැනීම සම්බන්ධයෙන් හමුදාවට චෝදනා එල්ල වුණා.
ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය සදහන් කලේ එයට විරෝධය පල කරමින් මෙම හර්තාල් ව්‍යාපාරය අද දිනය පුරා ක්‍රියාත්මක කරන බවයි .
ඒ සදහා දේශපාන පක්ෂ රැසක්ම සහය දක්වන බවයි වාර්තා වන්නේ.
අදාළ සිදුවීම පිලිබදව විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් විමර්ශන සිදුකරන බව වාර්තා වනවා .
ඒ අනුව සැකකාර හමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
කෙසේ වෙතත්, කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ උතුර සහ නැගෙනහිර පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ රජය සහ රටේ ආරක්ෂක හමුදාවන් අඩපණ කිරීම අරමුණු කරගත් අසත්‍ය තොරතුරු සහ විකෘති කිරීම් මගින් නොමඟ නොයන ලෙසයි.
මහජනතාව සත්‍ය කරුණු තේරුම් ගෙන සාමකාමීව ක්‍රියාකළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.