ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 30 වැනි තරඟයෙන් ලකුණු 25 ක ජයක් වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ රෝයල් චැලෙන්ජස් බැංගලූරු කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 287ක් රැස් කළා.
මෙය අයි.පී.එල් ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කළ ඉහළම ලකුණු වන අතර, විස්සයි විස්ස ඉතිහාසයේ තරඟයකදී කණ්ඩායමත් රැස් කළ දෙවන ඉහළම ලකුණු ලෙසයි වාර්තා පොත් අතරට එක් වුණේ.
මීට පෙර අයි.පී.එල් තරඟයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කරමින් අදාළ වාර්තාවට හිමිකම් කියන ලැබුවේද සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමයි.
මෙවර තරඟාවලියේදී 08 වැනි තරඟයේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ඔවුන් කඩුළු 03ක් දැවී ලකුණු 277ක් රැස් කරමින් එම වාර්තාව තබනු ලැබුවා.
ඊයේ පැවති තරඟයේදී හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ට්‍රැවිස් හෙඩ් පන්දු 41දී වේගවත් ලකුණු 102ක් රැස් කළ අතර, හෙන්රිච් ක්ලාසන් පන්දු 31දී ලකුණු 67ක් සහ අබ්දුල් ෂමාඩ් නොදැවී පන්දු 10දී ලකුණු 37ක් රැස් කළා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලූරු කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 262ක් පමණයි.
එහිදී දිනේෂ් කාර්තික් ලකුණු 83ක් සහ නායක ෆෆ් ඩූ ප්ලෙසිස් ලකුණු 62ක් රැස් කළා.
පන්දු යැවීමේදී නායක පැට් කමින්ස් ලකුණු 43ට කඩුළු 3ක් බිඳ හෙළුවා.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට














