
හබරණ කිතුල්ඔතුව ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ අධිබලැති යතුරු පැදියක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා .
ඒ සමග යතුරු පැදියේ ඇති වූ ගින්නක් අවට කැලෑවට ද පැතිර යාමෙන් අක්කර හයක් ගිනිගෙන විනාශ වී ඇති බවයි හබරණ පොලිසිය සදහන් කලේ . එම අනතුරින් යතුරු පැදිය පැදවූ තරුණයා මියගොස් තිබුනා . එමෙන්ම මෝටර් රථෙය් ගමන් ගත් විදෙස් ජාතික යුවළක් තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ හබරණ සිට කන්තලේ බලා ධාවනය වූ යතුරු පැදියක් සහ කන්තලේ සිට
හබරණ දෙසට ධාවනය වූ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරට මුහුණ පා ඇත්තේ ඉන්දියාවේ සිට මෙරට සංචාරය සඳහා පැමිණි යුවළක් බවත් ඔවුන් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය
ප්‍රකාශ කළා අනතුරින් බරපත තුවාල ලබා සිටි තරුණයා කන්තලේ රොහලෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇති අතර ඔහු අනුරාධපුර රොහලේ දි මිය ගිය බවයි වාර්තා වන්නේ .














