කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටී සිදු වූ අනතුරකින් ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙක් රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.
පින්වත්ත පොලිසිය කියා සිටියේ පානදුර දිබ්බැද්ද හන්දිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
කැබ් රථයේ ගමන් ගත් ළමුන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙක් අනතුරෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
කැබ් රථය පානදුර සිට මාදුපිටිය දෙසට ගමන් කරමින් තිබූ එකක් බවත් මෝටර් රථය අතුරු මාර්ගයකින් ප්‍රධාන මාර්ගයට යොමු කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය පවසනවා.
එලෙස වාහන දෙක එකිනෙක ගැටීමත් සමගින් කැබ් රථය රෝහ හතර උඩු අතට සිටින සේ පෙරළී ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
අනතුරෙන් තුවාල ලැබූ සිව්දෙනා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.