මෙරට ඉස්ලාම් බැතිමතුන්ට රාමලාන් සමයේදී පරිභෝජනයට ගැනීමට සෞදි අරාබි රජය රටඉඳි කිලෝග්‍රෑම් 50,000 ක් ප්රදානය කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කහිල්ඩ් බින් හම්මුද් අල් කතානි මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාට මෙය නිල වශයෙන් භාර දෙනු ලැබුවා.
විදේශ රැකියා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් සහ නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූණා.