ලිස්ටීරියෝසිස් නම් රෝගී තත්ත්වය හේතුවෙන් ප්‍රතිශක්ති ඌණතා තිබෙන පුද්ගලයින්ට සංකූලතා ඇති විය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා.
අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ ලංකාව තුළ තවමත් ලිස්ටීරියා ව්‍යාප්ත වීමක් හඳුනාගෙන නොමැති බවයි,
කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව ලිස්ටීරියා පිළිබඳව දැනුවත්වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ.