රජයේ සෞඛ්‍ය ආයතන සදහා නිලධාරින් පත් කිරීමේදී ස්ථිර තනතුරු පත් කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා .
එහි සභාපති රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
කිසිදු පාර්ශවයකට අවශ්‍ය පරිදි නොව නියමිත ක්‍රමයට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියා කල යුතු බව සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය පවසනවා .
එහි සභාපති වෛද්‍ය චමල් සංජිව මහතා පැවසුවේ ඇතැම් අවස්තා වලදී සෞඛ්‍ය අමාත්‍යංශය ගනු ලබන ක්‍රියා මාර්ග ගැටළු සහගත බවයි.