සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තා අපයෝජනයකට අදාළ වීඩියෝ පටයකට සැකකරන, සැකකරුවෙක් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිරිමියෙකු විසින් කාන්තාවක් නිරුවත් කරන ආකාරයේ වීඩියෝ පටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූවා.
එම සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිතුමියගේ උපදෙස් හා නියෝග පරිදි අදාළ වින්දිත පාර්ශ්වයන් හඳුනාගැනීමට ක්‍රියාකර එම කාර්යාංශය මගින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.
ප්‍රධාන සැකකරු ජනවාරි 18 වන දින හික්කඩුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර වයස අවුරුදු 43ක් වන සැකකරු ෆෙයාෆීල්ඩ් වත්ත. බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරුට ආධාර අනුබල ලබාදුන් හා පොලිසියට සාක්ෂි වසන් කරන ලද අවුරුදු 44ක් හා 55ක් වන ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක්ද අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පවසන්නේ.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සැකකරු තම නිවසේ සේවිකාවක් වශයෙන් කටයුතු කරන ලද කාන්තාවක් පිරිසක් ඉදිරියේ එම නිවසේදීම නිරුවත් කර එය වීඩියෝ පටිගත කර වට්ස්ඇප් සමූහයක් ඔස්සේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
මෙම සැකකරු සම්බන්ධයෙන් අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විදේශ ගමන් තහනම් නියෝගයක්ද ලබාගෙන විමර්ශන සිදුකරගෙන ගොස් ඇති අතර සැකකරු සිද්ධියෙන් පසුව පොලිසිය මගහරිමින් ප්‍රසිද්ධ හෝටල් කිහිපයක නවාතැන් ගෙන ඇති බවටද අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය විසින් සිදු කරන ලබනවා.










