සුන්බුන් නන්නත්තාර වූ විපක්ෂය සුළු කරුණු පදනම් කරගෙන බලය ලබාගන්න සිතන්නේ නම් එය සිහිනයක් පමණක් බව බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතලේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස කියා සිටියා.
“මේ රටේ ජනතාව දන්නවා යන එන මං නැතුව නන්නත්තාර වූ විපක්ෂයක් සිටින බව, ඔවුන් අපි මොන හොඳ යෝජනාව ගෙනාවත් එයට විරුද්ධ වෙනවා.
ඔබ හොඳාකාරවම දැක්කා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහාද ඔවුන්ගේ විරෝධය.
රජය විසින් ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට විපක්ෂය විරෝධය දක්වන්නේ ඒ තුළින් ඔවුන් බලය ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.
ආණ්ඩුව කෙරෙහි සාධනීය විවේචන නැති වූ පසු ඔවුන් සුළු සුළු කරුණු මත පදනම් කරගෙන විපක්ෂය කටයුතු කරන ආකාරය.
මේ රටේ බුද්ධිමත් ජනතාවක් සිටින්නේ ඔවුන් දන්නවා ආණ්ඩුව මේ සුළු කාලය තුළ ජනතාවාදී රජයක් ලෙස කටයුතු කළ ආකාරය.
මේ සුන්බුන් නන්නත්තාර වූ විපක්ෂය ආණ්ඩු බලය ගන්න හිතෙනවා නං එය සිහිනයක් පමණක් වනවා.ආණ්ඩුවට අවුරුද්දයි ජනතාවාදී රජයක් ලෙස ජනතාව අපේක්ෂා කළ අයුරින් මේ වසර තුළ අපි කටයුතු කළා.”
ආපදා තත්ත්වයෙන් විනාශයට ලක් වූ ආගමික ස්ථාන ගොඩනැගීමේ වැඩසටහන මෙම මස 27 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවරදී හා මාතලේදී ආරම්භ කිරීම සිදු කිරීමට නියමිතයි.













