ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වන විට ඇය 80 හැවිරිදි වියෙහි පසුවුණා.
සිය මාධ්‍ය දිවිය ආරම්භ කිරීමට පෙර ඇය ගුවන් හමුදා නිලධාරිනියක ලෙසයි සේවය කර තිබුනේ.
1967දී ඇය ගුවන්විදුලි සංස්ථාවේ නිවේදිකාවක් බවට පත්වුනා.