පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ ඇති සුදු අරලිය හෝටලය ඉවත් කළ නොහැකි බව වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව දිස්ත්‍රික්ක කාර්යාලය පවසනව බව වාර්තා වනවා.
අදාළ ඉඩම් වර්ෂ 1977දී නීත්‍යානුකූලව සංචාරක මණ්ඩලය වෙත වෙන් කරනු ලැබූ එකක් බවත් හෝටලයද නීතිමය ආකාරයෙන් ඉදිකර ඇති බවත් එම කාර්යාලය වැඩිදුරටත් පවසනවා.
කෙසේ වෙතත් හෝටලය අමතර භූම භාවිත කර තිබෙද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට නැවත මැනීමක් සිදු කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
සුදු අරලිය හෝටලය සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීමේදී මේ බව කියා සිටියා.