සුඩානයේ පුද්ගලයින් සිය ගණනක් වෙඩි තබා ඝාතනය කර ඇති බවට එරට කැරලිකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.
ඊට අදාළ දර්ශන මේ වන විටත් හුවමාරු වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ
වයස්ගත පුද්ගලයින්ද ඔවුන් විසින් ඝාතනය කර ඇති බවටචෝදනා එල්ල වනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය එහි වාර්තාවට අනුව 460කට වැඩි පිරිසක් ඔවුන් විසින් ඝාතනය කර ඇති බවට නවරණය වී තිබෙනවා.
එය අමානුෂික ඝාතනයක් බවටත් එම සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය ඉරිදා දිනයේදී සුඩානයේ බටහිර ඩාර්ෆුර් විශ්වවිද්‍යාලයක් ආසන්නයේ මෙම සමුහ ඝාතනය සිදුව තිබුණා.










