යුද්ධයෙන් පීඩාවට පත් සුඩානයේ පසුගිය සතිය තුළ කොලරා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ආසාදිතයින් 2,700 ක් සහ මරණ 172 ක් වාර්තා වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා සදහන් කළේ.
පසුගිය සති තුන තුළ වාර්තා වූ රෝගීන් 2,300 කට වැඩි සංඛ්‍යාවකින් 51 දෙනෙකු කොලරාවෙන් මිය ගොස් ඇති බවත්, ඉන් සියයට 90 ක් කාර්ටූම් ප්‍රාන්තයෙන් වාර්තා වූ රෝගීන් බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
කොලරාව සුඩානයට ආවේණික රෝගයක් වන නමුත් යුද්ධය ආරම්භ වූ දා සිට පැතිරීම් වර්ධනය වී තිබෙනවා.