මෙරට බන්ධනාගාර ගතවන රැදවියන්ගේ සෞඛ්‍ය රැකවරණය වරප්‍රසාදයක් නොව අයිතිවාසිකමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කලේ වැලිකඩ බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ වූ විශේෂ වැඩසටහනකට එක් වෙමින් .
මෙම වැඩසටහන වැලිකඩ බන්ධනාගාර පර්යේෂණ හා විශෝධන පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ වූනා .
එය ලබන 16 වන දා දක්වා දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වෙනවා.
බන්ධනාගාර රෝහල් වලට අත්‍යවශ්‍ය වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කඩිනමින් අනුයුක්ත කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත්, බන්ධනාගාර රෝහල් තුළ හදිසි ප්‍රතිකාර ඒකක ස්ථාපිත කිරීමට අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.
අගෝස්තු මස 10 වනදාට යෙදුන “සිරකරුවන්ගේ යුක්තියේ” දිනයට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.
වර්තමානය වන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ බන්ධනාගාර නිලධාරීන් 6000 කට ආසන්න පිරිසක් සේවය කරනු ලබන අතර, ඔවුන්ගේ ශරීර සෞඛ්‍ය මනා අයුරින් පවත්වා ගෙන යාම මෙන්ම මෙරට ස්ථාපිත බන්ධනාගාර 36 තුල රඳවා සිටින රැදවියන් 33,500 කගේ සෞඛ්‍ය තත්තවය යහපත් අයුරින් පවත්වා ගෙන යාම අරමුුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.