අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ පාර්ලිමේන්තුවේ දී රැස් වුණා.
ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය සදහන් කළේ, 2026 වසරේ සිට දිවයින පුරා සියලුම පෙර පාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බවයි.
එමෙන්ම පූර්ව ළමාවිය විෂය මාලා රාමුව මේ වන විට සම්පූර්ණ කර අවසන්ව ඇති බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළා.
දහනවදහසකට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන ලබන මස 25 දින ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
එහිදී සෑම පළාතකම ගුරු පුහුණුවීම් සිදු කරන අතර, එමගින් නව විෂයමාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ඇති.
අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළේ, කිසිදු පාසලක් වැසීමට බලාපොරොත්තු නොවන බවත්, පාසල් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය වන බවයි.