ඉන්දියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.
ඒ ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයකි.
ඉන්දියානු ප්‍රවෘත්ති සේවා පැවසුවේ අනතුරට ලක්වන විට ගුවන් යානයේ මගීන් 242ක් පමණ සිට ඇති බවයි.
යානය අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ගුවන් ගමන ආරම්භ කර විනාඩි කිහිපයක් තුළ මෙම අනතුර සිදුව ඇති බවයි ඉන්දීය ප්‍රවෘත්ති සේවා පවසන්නේ.
ගුවන් යානය මගීන් 232ක් සහ කාර්ය මණ්ඩලයේ 10ක් සමග කඩා වැටී ඇත්තේ නේවාසිකයන් සිටින ප්‍රදේශයකට බවද එම වාර්තා පවසනවා.
මෙලෙස කඩා වැටී ඇත්තේ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් බොයිං 787-8 ඩී්‍රම්ලයිනර් ගුවන් යානයකි.
ගුවන් යානය පහළින් පියාසර කර ඇති බවත් එම නිසා මෙම යානය ගොඩනැගිලිවල ගැටීම නිසා අනතුර සිදුව ඇති බවයි එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කරන්නේ.
පස්වරු 1.38ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.
එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් AI 171 දරණ මෙම ගුවන් යානය අහ්මදාබාද්හි සිට ලන්ඩන් බලා පියාසර කිරීම සඳහා ගමන් ආරම්භ කර තිබෙනවා.
යානයේ ගමන් කළ මගීන්ගෙන් මගීන් 169ක් ඉන්දියානුවන් බවත් බි්‍රතාන්‍ය ජාතිකයන් 53 දෙනෙක්ද වූ බවත් විදෙස් පුවත් වාර්තා කරනවා.
එසේම කැනේඩියානු ජාතිකයෙක් සහ පෘතුග්‍රීසි ජාතිකයන් හත් දෙනෙක්ද යානය තුළ සිට තිබෙනවා.
ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍ය රාම් මෝහන් නයිදු කින්ජරපු කියා සිටියේ අනතුරේ තත්ත්වය සම්බන්ධයෙන් සෘජුව සහ පෞද්ගලිකම තමාම අධීක්‍ෂණය කරන බවයි.