හලාවත අඹකඳවිල ප්‍රදේශයෙන් සැමියා විසින් සිය බිරිඳ ගිනිතබා ඝාතනය කළ සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා.
සිය බිරිඳ වෙනත් පුරුෂයෙකු සමඟ සබඳතාවයක් පවත්වනවා යන සැකය පිට මෙම දෙදෙනා අතර අඩදඹර සිදුව ඇති අතර මීට දින කිහිපයකට ඉහතදී මෙම සැමියා විසින් බිරිඳට ගිනිතබා තිබෙනවා.
ඉන් අනතුරුව ඇය හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (11) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 39ක් වූ කාන්තාවක් වන අතර සිදුවිමට අදාළව සැමියා ඊයේ රාත්‍රියේදීම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හලාවත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.