පරසන්ගස්වැව, මැදගම ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(13) උදෑසන කාලයේදී කාන්තාවකට ගිනි තබා මෙලෙස මෙම ඝාතනය සිදුව ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
වයස අවුරුදු 31ක් පමණ වූ පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකාරියක් මෙහිදී ජීවිතක්ෂයට ලක්ව තිබෙනවා.
පවුල් ආරවුලක් හේතුවෙන් ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට සිදු කරන ලද මූලික විමර්ශනවලධී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරසන්ගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














