Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි
    • කාසල්රී ජලාශ රක්ෂිතයේ ගින්නක්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “ස්වයංපෝෂිත රටක් වෙනුවෙන් සැවොම අත්වැල් බැඳගනිමු.”-විපක්ෂ නායකතුමාගේ අවුරුදු පැතුම

    “ස්වයංපෝෂිත රටක් වෙනුවෙන් සැවොම අත්වැල් බැඳගනිමු.”-විපක්ෂ නායකතුමාගේ අවුරුදු පැතුම

    2024-04-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.169 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගනිමු යැයි සිංහල දෙමළ අලුත් අවුරුදු දින සුබපැතුම් පණිවිඩය එක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

    එම සුබපැතුම් පණිවිඩය මෙසේය.

    සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලෝකවාසී මෙන්ම ලක්වාසී සිංහල සහ දෙමළ ජනතාව ඉතාමත් ප්‍රීතියෙන් සමරන උත්සව අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය.

    හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස හැඳින්වෙන මෙදින සියලු දෙනා එකම නැකතක සිට එකම කාර්යයක නියැළෙන අතර මෙකී චාරිත්‍රය නිසාම ලෝකයේ සෙසු රටවල් අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඉතා ප්‍රචලිතව තිබේ.

    සියලු ජනතාව මෙදින තමන්ට හැකි උපරිම අයුරින් මෙකී චාරිත්‍ර ඉටු කරන්නේ ඉදිරි වසරේ සෞභාග්‍යය සහ සශ්‍රීකත්වය අපේක්ෂාවෙනි. නමුත් පසුගිය කාලවකවානුව ලක්වාසී ජනතාවට එතරම් හොඳ කාලවකවානුවක් නොවූ බව මා විශ්වාස කරමි. බදු බර වැඩි වීම, බඩු මිල ඉහළ යෑම, රටේ අභ්‍යන්තර අර්බුද ආදි ගැටලු රාශියකට රට මුහුණදුන් අතර මේ වන විට මැතිවරණ වසරක් ද උදා වී තිබේ. මේ වසරේ ජනතාව අපේක්ෂා කරන පාලනයක් රට තුළ බිහි වී නැවතත් අප මාතෘභූමියට සෞභාග්‍යය උදාවනු ඇති බව මාගේ විශ්වාසයයි.

    එසේම පවතින බංකොලොත්භාවයෙන් මිදී නැවතත් ස්වයංපෝෂිත ආර්ථික රටාවක් සහිත රටක් ලෙස අප රට පත් කර සාමය, සතුට, සැනසීම සහිත අභිමානවත් දේශයක් බිහි කිරීමට සැවොම එකා මෙන් අත්වැල් බැඳ ගැනීමට ද කාලය එළැඹ තිබේ.

     

    ආශ්‍රීත පුවත්:  "රණවිරුවන් රවට්ටලා රට යවපු අය ඉක්මනටම අල්ලනවා."-ආරක්ෂක ලේකම් (වීඩියෝ)
    Sri Lanka
    පෙර පුව​ත“ගොවි ජනතාව කළ මෙහෙය කෘතවේදීව සිහිපත් කරමු.”-අගමැතිතුමන්ගේ අවුරුදු පැතුම
    ඊළඟ පුව​ත අලුත් අවුරුදු උදාව අදයි

    සබැ​ඳි පුවත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක දෙකකට පස්වරු 2න් පසු වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    2026-03-26

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group