ඩෙංගු මදුරු මර්දනය සඳහා විශාල දායකත්වයක් ලබාදෙන පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු සේවකයන් ස්ථීර කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලා සිටීනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඩෙංගු මදුරු මර්ධනය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් හා ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් පළාත් මට්ටමින්ද රජය විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවයි.
විපක්ෂනායක, සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.