ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබෙනවා..
ඒ අනුව අද දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 16 වන දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේතාත්මක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් පියවර ගනු ලැබුවා.
මෙම වර්ජනය හේතුවෙන් දෛනික දුම්රිය ධාවනයට බලපෑම් එල්ල වු අතර ඊයේ සහ පෙරේදා යන දිනවල රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය ද නතර වී තිබුණා..
කෙසේවෙතත් සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා වැඩි දු1රටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්













