සහල් ප්‍රවාහන ලොරි රථයක් ඊයේ රාත්‍රියේ මාර්ගයේ පෙරලී යාමෙන් ලොරි රථයට බරපතල හානි සිදුව තිබෙනවා.
පොළොන්නරුව කොළඹ ප්‍රධාන මාර්ගයේ මින්නේරිය සී.පී.පුර විද්‍යාලය ඉදිරිපිටදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පිහිටි සහල් මෝලකට අයත් ලොරි රථයක්.
අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ රියදුරු හා රිය සහායක ගමන් කර තිබෙන අතර සිරව සිටි පුද්ගලයින් දෙන්නා ප්‍රදේශවාසීන් විසින් ඉවතට ගෙන තිබෙනවා.
අනතුරෙන් ලොරි රථයේ රියදුරුට සුළු තුවාල සිදුව ලොරි රථයට බරපතල හානි සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.