මේ වසරේ ගතවූ කාලය තුළ සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල වංචාවල ඉහළ යෑමක් දක්නට ලැබෙන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුගල සඳහන් කළේ මේ වසරේ ගතවූ කාලය තුළ සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිලි 7,916 ක් වාර්තා වී ඇති බවයි.
එම නිසා මෙම වංචාවලට හසු නොවී කටයුතු කිරීමට වග බලාගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.