සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා ක ාන්තාවන් 10 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වාද්දුව පොලිසිය කියා සිටියේ වාද්දුව නගර මධ්‍යයේ මෙම ගණිකා නිවාස දෙක පවත්වාගෙන ගොස් ඇති බවයි.
අත්අඩංගුවට කාන්තාවන් වයස අවුරුදු 20ත් 50ත් අතර අයවළුන් බවත් ඔවුන් ගාල්ල, රත්නපුර, වැල්ලවාය, පානදුර, ඇඹිලිපිටිය සහ බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවටද අනාවරණ වී තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු පිරිම පුද්ගලයා කළමනාකාරවරයෙක් ලෙස කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ප්‍රදේශ තරුණයන්, ව්‍යාපාරිකයන් සහ වැඩිහිටි පුද්ගලයන් කාලයක සිට මෙම ගණිකා නිවාසවල සේවාව ලබාගෙන ඇති බවයි.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.