සමලිංගික විවාහ සංකල්පයට දැඩි ලෙස විරුද්ධ වන අතරම සාම්ප්‍රදායික පවුල් ඒකකය ආරක්ෂ කිරීමේ වැදගත්ම කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යළිත් අවධාරණය කර තිබෙනවා.
විවිධ ප්‍රචාර හේතුවෙන් නව පරපුර නොමග ගොස් විවාහයේ සැබෑ අරුත තේරූම් නොගෙන තාවකාලික විසඳුම් සොයමින් සිටින බවයි අගරදගුරු හිමියන් බේරුවල ශාන්ත ආනා දේවස්ථානයේදී අනුශාසනාවක් කරමින් කියා සිටියේ.
තරුණ පරම්පරාව අතර සමරිසි විවාහ ප්‍රවර්ධනය කිරීම සඳහා ඇතැම් සංවිධාන ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවයි අගරදගුරු හිමියන් පෙන්වා දුන්නේ.
ගැහැනියකගේ සහ පිරිමියෙකුගේ මැදිහත්වීමකින් තොරව පවුලක් ගොඩනැගිය නොහැකි බව කාදිනල් හිමියන් එහිදී අවධාරණය කර සිටියා.
එසේම උන්වහන්සේ පෙන්වා දුන්නේ සමාජයට අහිතකර නව ප්‍රවණතා ප්‍රතික්ෂේප කරමින් සාම්ප්‍රදායික විවාහය ආරක්ෂා කර ගැනීම වැදගත් බවයි.